විහාර, දේවාල සහ නිලමේ තනතුරු සම්බන්ධව භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පුද්ගලයන්ට අදාල නීති සංශෝධනය කරමින් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට අද (29) ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේ යන්නෙහි අර්ථය, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ධූරය, බස්නායක නිළමේ ධූරය, භික්ෂූණ් වහන්සේ නමකගේ පෞද්ගලික පැවැත්ම සඳහා ඇති වත්කම් ආදී විවිධ කාරණා ඇතුලත් වෙයි.

