විහන්ද ජයමහගේ 'කාටවත්ම නැති තරම්'


 2017-02-07-ent-55

අද ගීතයක් ජනප්‍රිය වන්නේ ඒ සඳහා වන වීඩියෝව හේතුවෙනි. මෙම වීඩියෝ සංකල්පය තුළ ගායකයා නවකයෙකුද, ප්‍රවීණයෙකුද, ක්ෂේත්‍රය තුළ මීට අවුරුදු ගාණකට පෙර පැමිණිය අයෙකුද යන කාරණාව කිසිසේත්ම හේතු නොවෙයි.

එබඳු ගායකයෙකු සහ ගීතයක් පිළිබඳව මෙවර පාඨකයන්ට "Most View Song on Youtube" තුළින් ගෙන ඒමට සිතුවෙමු. එනම්, නවක ගායකයෙකු වන විහන්ද ජයමහගේ "කාටවත්ම නැති තරම්" ගීතය පිළිබඳවය. මෙම ගීතය අද සමාජය තුළ ඇති ප්‍රශ්නයක් පිළිබඳව කතාබහ කරයි. බොහෝ දෙදෙනෙකු ආදරය කළත් එක්ව ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ බොහෝ සුළු පිරිසකට පමණි. ඒ දෙමවුපියන්ගේ කැමැත්ත වෙනුවෙන් තම ආදරය අතහැර දැමීමට සිදුවන හෙයිනි.

එවැනි සංකල්පයක් ඔස්සේ නිර්මාණය වූ මෙම වීඩියෝව ඉතාමත් කෙටි කාලයකදී බොහෝ පිරිසක් නැරඹූ ගීතයක් බවට පත්ව ඇත. විහන්ද ජයමහ යනු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු නොවුණත්, මෙම ගීතය ජනප්‍රියත්වයට පත්ව ඇත. කෙසේ නමුත් අද නිර්මාණය වන ගීත අතරින් යම්තාක් දුරට නැරඹිය හැකිය ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අඩනිරුවත වෙළෙඳ භාණ්ඩයක් කර ගනිමින් අද බොහෝ නිර්මාණ සිදු කරන අතර, මෙම ගීතය එවැනි ගීත ගොන්නට නොවැටීම ඉතාමත් අගනේය. කෙසේ වුවත් නවකයෙකු වශයෙන් මෙවැනි නැරඹුම් වාර්තාවක් ලබාගැනීමට හැකි වීම ඔහු ලද ජයග්‍රහයකි.

 

2017-02-07-ent-57

 

නිකුත් වූ දිනය

  • 2016 දෙසැම්බර් 03

ගායනය

  • විහන්ද ජයමහ

පද රචනය

  • අරාධනා ඒකනායක

සංගීතය

  • ප්‍රියන්ත නාවලගේ

නැරඹූ සංඛ්‍යාව

  • 214,642

 

2017-02-07-ent-56