විසිහය ලක්ෂයක රන් බෑග දාරයෙන් එළියට


රුපියල්   විසිහය ලක්ෂ හතලිස් පන්දහසක්  වටිනා රත්තරන් කම්බි 3 ක්  තම ගමන් මල්ලේ දාරයේ   සගවාගෙන  මාලදිවයින බලා යාමට පැමිණි ශ‍්‍රි ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා පැවසුවේය.

සකකරු 22 හැවිරිදි  වියේ පසුවන කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගුව කියයි.  ඔහු නිතර නිතර මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබු රන් කම්බිවල බර ග‍්‍රෑම් 529 කි.

සැකකරු ඊයේ රාත‍්‍රියේ මාල දිවයින බලා යාටම  ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරී එස්.ඒ.එස්.ටී සේනානායක,  සහකාර රේගු අධිකාරීවරුන් වන එ.එල්.එන් ෆසීර්, ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ඒ.එස්.කේ කහවත්ත, ආර්.ජී විජේවර්ධන, ටී.වයි.ඒ.එස් කුමාරසිංහ, එච්.පී.එස් පෙරේරා සහ ජේ.එන්.එස්.ටී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.