විසිවෙයි කුමරතුඟු සමරුව මහ මඟට


මහා පඬිවරයකු හා හෙළ හවුලේ නායක මුණිදාස කුමාරතුංග මහතාගේ ගුණ සමරුව අද දික්වැල්ලේ වැවුරුකන්නල, දික්හේන   ඔහු උපන් බිමේ ස්මාරකය අසල මහ පාරේ පැවැත්විණි.

  ස්මාරකය අසළ ගුරු පාරේ උත්සවය පැවැතියේ උත්සව සංවිධායක දික්වැල්ල  බුදුරජ මහ විහාරාධිපති දික්වැල්ලේ තිස්ස අනුනාහිමියන් හා ප්‍රාදේශීය ලේකම් බී එස් රංජිත් මහතා අතර හටගත් ප්‍රශ්නයක් ඊට හේතුව වන්නට ඇතැයි කියති.

කුමාරතුංග මහතා ඉපැදුණු බිම රජයට පවරාගෙන සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළ ද පමා වී ඇත.

තිස්ස අනු නා හිමියන් පවසනුයේ පංසලට ලැබෙන ආධාරවලින් එහි ස්මාරකයන් හදා ඇති බවයි. එහි සංවර්ධන වැඩ නොකරන ලෙස ප්‍රාදේශීය ලේකම් දන්වා ඇතැයි ද ඒ හිමියෝ කියති.

ප්‍රාදේශීය ලේකම්ගේ තහනම් නියෝගය නිසා 70 වැනි ගුණ සමුරුව පාරේ පැවැත්වූ බවත්, මේ බව ජනපතිට පැමිණිලි කර බවත් අනුනායහිමියෝ පසවසති.

ප්‍රාදේශීය ලේකම් කියනුයේ සැලසුම් සහගත ස්මාරකයක් ඉදි කිරීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

ගුණ සමුරුව පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම තහනමක් නොපැනවූ බව ද ඔහු කියයි.

(එම් ගලප්පත්ති)

(නිමල් ලන්දගේ)