රුපියල් විසිනව ලක්ෂ අසුඅටදහසක් වටිනා රත්තරන් කූරු හතරක් මලු දෙකක දාරයේ සඟවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවරේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීතී අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා කියයි.අත්අඩංගුවට ගත් රන් කූරූ හතරේ බර ග්‍රෑම් 664 කි.
හතලිස් හැවිරිදි සැකකරු නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යන එන අයකු බව බවද රේගුව පවසයි.

