2015 වසරේ මුල බෙදා හැරීමට ගෙනා පාසල් නිල ඇඳුම් කට්ටල ලක්ෂ 12 ක් තවමත් ඔරුගොඩවත්ත අධ්‍යාපන සේවා අමාත්‍යංශයට අයත් ගබඩාවක ඇතැයි ද එහි වටිනාකම රුපියල් විසිතුන් කෝටි හැට ලක්ෂයක් පමණ බවද ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුයේ මෙම නිල ඇඳුම් තොගය නියමිත ප්‍රමිතියෙන් තොර නිසා ඒවා නොබෙදූ බවයි. එම රෙදි ආනයනය කළ සමාගමට මුදල් නොගෙවීම හෝ ආපසු බාරදීම දැනට සිදුකළ හැකි බවද ඔහු කීවේය.

