පුත්තලමේ ගම් තුන් සියයකට කරදර කරන වල් අලි රංචුවක් තබ්බෝව ඔස්සේ විල්පත්තුවට පන්නා දැමීමේ විසි දින මෙහෙයුමක් පුත්තලම කල්ලඩියෙන් අද ඇරැඹිණි. නිලධරයන් ද සිවිල් ආරක්ෂක බළකාය ද යුද හමුදාව ද මීට එක් වෙයි. පුත්තලම, නවගත්තේගම, මහකුඹුක්වල හා කරුවලගස්වැව ගම් 300ක ජනයා මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිති.