ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියයි.
එම තොගයේ වටිනාකම රුපියල් විසි කෝටියක් වෙතියි ඇස්තමේන්තු කර ඇත.
මෙතෙක් අසුවූ විශාලම තොගය මෙයයි.
ඉන්දියා ජාතිකයන් දෙදෙනක් ද , ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.