විස්සයි:20 තරග තුනේ නායකත්වයට තරංග


තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට අයත් විස්සයි:20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංග නම් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවමත් සුවය ලබා නැති හෙයින් ඕස්ට්‍රේලියානු  සංචාරය සඳහා උපුල් තරංග නායකත්වයට තෝරා ගනු ලැබ තිබේ. 

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු  සංචාරයට ඇතුළත් වන්නේ විස්සයි:20 තරග 3 ක් පමණි. එම තරග මේ මස 17, 19 සහ 22 දිනවලදී පැවැත්වේ. 

විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න