බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය ‘ඒ’ පිල සමත් විය. ශාන්ත වින්සන්ට්හිදී ඊයේ (19) පැවැති දෙවැනි සහ අවසන් තරගයෙන් කොදෙව් පිල කඩුලූ 5 ක ජයක් ලැබීය. වාර්ෂාව හේතුවෙන් පළමු තරගය විසඳුමකින් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 18.1 කදී 81
(නිරෝෂන් දික්වැල්ල 11, මධුර ලක්මාල් 11, ඒ. නුර්සි 15/3, කේ. කූපර් 16/2)
බටහි ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ඕවර 11.4 කදී කඩුලූ 5 ට 83
(ලින්ඞ්ලි සීමන්ස් නොදැවී 52, චතුරංග ද සිල්වා 18/2)