බංගලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහ තරඟයේදී ඉන්දියා පිතිකරු යුවරාජ් සිංගේ මන්දගාමී පිතිකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු පිළිතුරු දීමට ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අපොහොසත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද වාර්තා කළේය.
මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසද්දී දෝනි කෝපයට හා දුකට පත්වූ සෙයක් පෙන්වූ බව ද එම පුවත්පත වාර්තා කළේය.
පිටියට ගොස් සෙමින් පන්දුවට පහර දෙන්න යැයි පණිවුඩයක් යුවරාජ් වෙත ලබා දුන්නාදැයි මාධ්‍යවේදියකු විමසූ විට දෝනි කීවේ යුවරාජ් ඔහුට කළහැකි උපරිමය කළ බවයි.
යුවරාජ් සිංට අනාගතයේදි කණ්ඩායමේ හිමිවන ස්ථානය පිළිබඳ විමසා සිටි අවස්ථාවේ දෝනි පැවසුවේ ඒ සම්බන්ධයෙන් කතා නොකර සිටිමු යනුවෙනි.
මේ අතර ඉන්දියාවේ පරාජයට වග කිව යුත්තේ තම පුතා පමණක් නොවන බවත්, ජයග්‍රහණය හා පරාජය ක්‍රීඩාවේ කොටසක් බවත්, ජය හා පැරදුම සමව විඳ දරා ගත යුතු බවත් යුවරාජ්ගේ පියා පැවසූ බව ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය වාර්තා කළේය.
යුවරාජ් සිංගේ සමීප මිතුරකු වන හර්බජාන් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ එය ඉන්දියාවට අසුබ දිනයක් බවයි.
‘ප්‍රේක්ෂකයන් කලබල නොවී මෙය විඳ දරා ගත යුතුයි. යුවරාජ් අපට ලෝක කුසලාන දෙකක් දිනා දුන්නා. තීරණාත්මක තරඟවලදි ඔහු තරම් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයකු සිටිනවා නම් පෙන්වන්න. මෙය ඔහුගේ නරක දිනයක්.‘
අවසන් තරගවල දී පරාජය වීමේ ශ්‍රී ලංකාවේ නරක පුරුද්ද මෙවර අත්හළ බව ද හින්දු පුවත්පත කියයි. ශ්‍රී ලංකාවට තම කැබිනෙට්ටුවට තවත් කුසලානයක් එක් කර ගත් බව ද හින්දු පුවත්පත පවසයි.
ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණ රැස්කර ගත් පසු ක්‍රීඩකයෝ සියලු දෙනා පිටියට දිව ගොස් තම කණ්ඩායමේ සගයන් එකිනෙකා වැළඳ ගනිමින් සතුට භුක්ති වින්දා සේම ඉන්දියා ක්‍රීඩකයනට ද අතට අත දෙමින් තම නිහතමානිත්වය පෙන්නුම් කළ බව ද ටෙලිග්‍රාෆ් පුවත්පත කියයි.
ජයග්‍රාහී මොහොතේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එකිනෙකා වැළඳ ගනිමින් නළල් දෙක එකට තබාගෙන සිටියේ කුඩා දරුවන් දෙදෙනකු මෙන් බවත්, එය ඉතා සංවේදී දසුනක් වූ බවත් ද ටෙලිග්‍රාෆ් වාර්තා කරයි.
‘ ඔවුහු දෙදෙනා 36 වැනි වියෙහි පසුවෙති. දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කරන අවසන් අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ට පිතිකරුවන් දෙදෙනා ඔවුහුය. ශ්‍රී ලංකාවට ජයගෙන ආවේ සිය අවසන් පන්දුවාර විස්සයි විස්ස ඉනිම අමතක නොවන තරගයක් බවට පත්කර ගත් කුමාර් සංගක්කාර ය.
මාස පහක පමණ වෙනසක් පමනක් ඇති එකම වයසේ මේ විශිෂ්ටයන් දෙදෙනා මාස පහකින් පමණක් වෙනස් වන මේ විශිෂ්ටයන් දෙදෙනා කුඩා කල සිට මිතුරන්ය. ‘

