ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බංගලිදේශයේ මීර්පුර්හිදී අද (6 ) පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හයක විශීෂ්ට ජයක් හිමි කැර ගත්තේය.
කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන්දියාව ඕවර විස්සේ දී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකාව කණ්ඩායම ඕවර 17යි පන්දු 5කදී ලකුණු 132ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාව (ඕවර 17.5) - 132/4
ඉන්දියාව (ඕවර 20) - 130/4
තරඟයේ වීරයා - කුමාර් සංගක්කාර
එම් ඩී කේ පෙරේරා - 05
ටී එම් ඩිල්ෂාන් - 18
මහේජ ජයවර්ධන - 24
කුමාර් සංගක්කාර - 52 (නොදැවී)
එච් ඩී ආර් එල් තිරිමාන්න - 7
එන් එල් ටී සී පෙරේරා - 21 (නොදැවී)
(කේක් දෙකක් කපයි. එකක් මාලිංගට. එකක් කණ්ඩායමේ ශූරයන්ට)
(ඡායාරූප ඒඑෆ්පී , ෆේස්බුක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ට්විටර් වෙබ්අඩවිවලිනි)

