විස්සට සහාය දුන් විපක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුව පැත්තට යවන්නලු


 

(ඩයනා උදයංගනී)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව තුළ ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ.

එම සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ්, ඒ.ඒ.එස්.එම්. රහීම්, එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්ම මහත්මීන්ට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව අසුන් පනවන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සඳහන් කර ඇත.

එම මන්ත්‍රීන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇති නිසා ඉහත ඉල්ලීම කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.