
(අජන්ත කුමාර අගලකඩ)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන නමුත් අවසානයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ, ආණ්ඩුව ලෙස එක මතයක සිටිමින් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පැවසීය.
ව්‍යවස්ථා සංශෝධනයක දී එවැනි සංවාදයක් ඇතිවීම හොඳ බව කී අගමැතිවරයා විවිධ මත තිබෙන නමුත් ඒවා එක මතයක් බවට අවසානයේ පත්වන බවද සඳහන් කළේය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුව සිටින බවද අගමැතිවරයා කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පුවත්පත් කතෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය කුමක්දැයි මාධ්‍ය ප්‍රධානියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවක් වුණාම ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නේ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ යැයි පැවසීය.
විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ කමිටු පත්කර තිබෙනවා නේදැයි මාධ්‍ය ප්‍රධානියෙක් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කිරිමට අයිතියක් තිබෙන බවත්, එහෙත් අවසානයේ එක මතයකට එන බවත් සඳහන් කළේය.
විසිවැනි සංශෝධනයෙන් සිදුවන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරිම පමණක් බවත් ඉන් පසුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන එන බවත් අගමැතිවරයා පැවසීය.
මේ අතර පළාත් සභා මැතිවරණය ද ඉදිරියේ දී පවත්වන බව අගමැතිවරයා කීවේය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සමාජගත නොකලේ මන්දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්ෂ මහතා එය තමාට බලාගැනීමට දුන් වාර්තාවක් බවත්, අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන බවත් කීවේ ය.
මේ අතර, සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය වන පරිදි නිවාස 100 කින් ගත් මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවද අගමැතිවරයා පැවසීය.
මේ අතර අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංස මහතා පසුගිය ආණ්ඩුව හැදූ දූෂණ විරෝධී කමිටුවද දූෂණ කර ඇති බව කීවේය.
දූෂණ විරෝධී කමිටුව රුපියල් කෝටි තුනක් අයථා ලෙස වියදම් කර ඇතැයි කී වීරවංස මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් වෙනමම මුදල් දී ඇතැයි කීවේය.
අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල,ඩග්ලස් දේවානන්ද,සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

