විස්තර දෙන්න බැංකුව කෝටි 6 ක් ඉල්ලයි


තම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද පැමිණිලි කළේය.

උසාවි නියෝගයක් මත එම තොරතුරු ලබාගැනීමට බැංකුවට ගිය පරිගණක විශේෂඥයන්ට එම තොරතුරු නොදීම උසාවියට අපහාස කිරීමක් බවද ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැන්වීය.

හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමින් නඩුව පවරා ඇත.

බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුයේ මෙම තොරතුරු සැපයීමට වසර 4 ක් පමණ ගතවන බවයි. මේ තත්ත්වය ගැන නීතිපතිට දන්වා නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කීවේය. මේ ගැටළුවට විසඳුමක් දිය හැකිදැයි සොයා බැලීම සඳහා නොවැම්බර් 3 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යක්ෂකට නියෝග කැරිණි.