විස්කම් පුතෙක් ලෝහ තහඩුවට පණ දෙයි


විශ්වකර්ම මූර්ති ශිල්පියකු සේ සැලකෙන කලා කීර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතා තවත් අගනා කලා නිර්මාණයක් බිහි කරයි.

ගෞතම බුද්ධ ශීර්ෂය ඔහුගේ දෑතින් නිම වූ එම කලා කෘතියයි.

අඩි තුනයි අඟල් දෙක හමාරක් උසැති එම මූර්තිය ඝණ තඹ තහඩුවෙන් නිම කර ඔපමට්ටම් කර වැඩ අවසන් කිරීමට විවිධ බර මිටි වර්ග යොදා අඩු ගණනේ මිටි පහර දෙලක්ෂයක් පමණ ගසන්නට ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඇතුළු කලා කෘති රැසක් ඔහුගේ නිර්මාණයෝය.

දකුණු කළුතර වසන ඔහු ජනාධිපති සම්මාන ලාභියෙකි.

මිල කළ නොහැකි මෙම කලා කෘතිය වෙසක් පෝයට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිට තිලිණ කිරීමට අදහස් කරන බව ඔහු කියයි.