මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසඳුම් නොලැබුණු බව කියමින් පිරිසක් ඇමැති ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මෝටර් රථයට යෑමට නොහැනි වන සේ විරෝධතාවයක් පැවැත්වූහ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී කඩවත සිට මීරිගම දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට අයත් ප්‍රදේශයන්හි දේපොළ අහිමිවන ජනතාවට මෙතෙක් ප්‍රමාණවත් වන්දි නොලැබුණු බව උද්ඝෝෂකයෝ කීහ.
පොලිස් නිලධාරීන් මැදිහත්වී උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයා පිටවී ගියේය.




