සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ ශාන්ත කිට්ස්හිදී පැවැති පළමු සිවුදින තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ ඊයේ (08 වැනිදා) ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියේය.
නායක දිමුත් කරුණාරත්න මෙම තරගයේදී සිය දෙවැනි ශතකය රැස්කරමින් පන්දු 109 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 472
(උදාර ජයසුන්දර 57, දිමුත් කරුණාරත්න 101, කිත්රුවන් විතානගේ 62, කෞෂාල් සිල්වා 26, අෂාන් ප‍්‍රියංජන් 65, චතුරංග ද සිල්වා 109, සුරංග ලක්මාල් 35, නිකිතා මිලර් 141/6)
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 8 ට 636
(අස්සාද් ෆුඩඩින් 145, කර්ක් එඞ්වඞ්ස් 190, ලියොන් ජොන්සන් 144, නිකිතා මිලර් නොදැවී 50, තරිඳු කෞෂාල් 238/5, ඇන්ජලෝ පෙරේරා 69/2)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 165
(දිමුත් කරුණාරත්න නොදැවී 100, කිත්රුවන් විතානගේ 19, කෞෂාල් සිල්වා 17, ඇන්ජලෝ පෙරේරා 20)
(●●)