උග්‍ර විස සහිත පළිබෝධ නාශක ඉන්දියාවන් ගෙන්වා ගොවීන්ට අලෙවි කළැයි මාතලේ විශ්ව නාදන් සෙල්වදොරේ නම් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ දෙකක දඩ ගෙවන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා අද නියෝග කළේය.
අධික විස සහිත පළිබෝධනාශක ගෙන්වීම ,අනුමැතියකින් තොරව අලෙවි කිරීම,ලියාපදිංචියෙන් තොරව ව්‍යාජ ලේබල් සැකසීම ,ඇසුරුම් කිරීම හා කල් ඉකුත් වු අධික අන්තරාදායක පළිබෝධ නාශක විකිණිම යන චෝදනා හතරක් යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබිණි.

