පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ සදහා මේ වන විට හිටපු කොටි සාමාජිකයින් 146 දෙනෙකු පෙනී සිට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශය පරිදි පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුවක් විසින් සිදුකරන මෙම වෛද්‍ය පරීක්‍ෂණය අනුව මෙතෙක් විස එන්නත් ශරීරගත වූ කිසිදු හිටපු කොටි සාමාජිකයෙකු හමුවී නැති බවද අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරයි.
යුද සමයේදී ආරක්‍ෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් 105 දෙනෙකු හදුනා නොගත් රෝගවලට හා පිළිකා රෝගවලට ගොදුරු වී මියයාමත් තවත් බහුතර පිරිසක් එම රෝගවලට ගොදුරු වීමත් විස එන්නත් ශරීරගත කිරීමකින් සිදුවූ බවට චෝදනා එල්ල වීමත් මත හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්‍ෂණයන්ට ලක්කිරීම සදහා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ගත්තේය.
මේ අනුව යාපනය දිස්ත‍්‍රීක්කයේ හිටපු කොටි සාමාජිකයින් 29 දෙනෙකුත් කිලිනොච්චිය දිස්ත‍්‍රීක්කයේ 24 දෙනෙකුත් මුලතිව් දිස්ත‍්‍රික්කයේ 81 දෙනෙකුත් වව්නියාව දිස්ත‍්‍රික්කයේ 07 දෙනෙකුත් මන්නාරම දිස්තී‍්‍රක්කයේ 05 දෙනෙකුත් වශයෙන් 146 දෙනෙකු වෛද්‍ය පරීක්‍ෂණයන් සිදුකරගෙන ඇත