විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට


(ජවුෆර් ඛාන්)

වෙරළේ විසිකර තිබූ මාළු විශේෂයක් අහුලාගෙන  ආහාරයට ගත් බව කියන දෙදදරු මවක මියගොස් තවත් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

මඩකළපුව මාංකාඩු ග්‍රාමයේ පදිංචි 27 හැවිරි කාන්තාවක මෙසේ මියගොස් ඇති අතර 50 හැවිරිදි වියේ පසුවන කාන්තවක, 19 හැවිරිදි තරුණයකු සහ තෙහැවිරිදි දරුවකු රෝහල් ගත කර ඇත.

 මාංකාඩු මුහුදු වෙරළට ගොස් සිටියදී ධීවරයන් පිරිසක් විසි කළ මාළුන් අහුලාගෙන ගැනීම නිසා මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම මාළුන් නොකන්නැයි ධීවරයන් දැනුම් දුන්න ද එය ගණන් නොගන ආහාරයට ගෙන ඇත. මාළු කෑමෙන් පසු ක්ලාන්තය ගතියෙන් කළුවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත.