(නාලක සංජීව දහනායක)
ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා පාගමනට සහභාගී වූ ජනතාවට විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළතදී පරීක්‍ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිසම තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාදීපයට අද (20) පැවසුවාය.
විරෝධතා කරුවන්ට විෂ යෙදූ කිරි පැකට් බෙදාදීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි කළද පොලීසිය මෙතෙක් කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරිහු කණ්ඩායමක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.