රග්බි විනිසුරු දිමිත‍්‍රී ගුණසේකර මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින නාවික හමුදා රග්බි ක‍්‍රීඩක රෝහිත රාජපක්‍ෂ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ කමිටුවේ කටයුතු කිිරීම වෛද්‍ය මයියා ගුණසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ ත‍්‍රී පුද්ගල කමිටුවක් පෙරේදා (16) පත්කරන ලදි. එහෙත් ඊයේ (17) කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රග්බි සංගමයට ඉදිරිපත් කරමින් වෛද්‍ය මයියා ගුණසේකර මහතා පවසා ඇත්තේ ක‍්‍රීඩා පනතට අනුව එම පරීක්‍ෂණය කළ යුත්තේ රග්බි සංගමයේ විනය කමිටුව බැවින් තමන්ට කටයුතු කළ නොහැකි බවත්ය.
ජාතික ක‍්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද වෛද්‍ය ගුණසේකර මහතාය.
මේ අතර රග්බි සංගමයේ විනය කමිටුවේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාද මෙම පරීක්‍ෂණය මෙහෙයවීමට අකමැත්ත පළ කිරීම නිසා මේ සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රග්බි සංගමය උනන්දුවු බවද රග්බි සංගම් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.