විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිපැයූ පාවහන් යුගලට ලක්ෂ 3ක ලංසුවක්


රණවිරු සේවා අධිකාරියේ වෘත්තීය පුහුණු අංශයේ ඇති කාන්තා පාවහන් සැකසීමේ ව්‍යාපෘතියේ පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිෂ්පාදනය කළ ප්‍රථම පාවහන් යුගල අද (23) වෙන්දේසි කෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ‘සෙනෙහස‘ අධ්‍යාපන සම්පත් හා පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති එම අවස්ථාවේ දී එම පාවහන් යුවල රුපියල් තුන් ලක්ෂ දස දහසක් වැනි ඉහළ මිලකට වෙන්දේසි විය. 

GLA_4363 GLA_4376 GLA_4381 GLA_4383 GLA_4398 GLA_4439