2012 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙද සහායක 13318 ප‍්‍රධාන බළලත් නිළධාරී කේ ජී. පී. සී ගමගේ සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔස්සේ ඔහු කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුට මෙම සම්මානය හිමි විය.
සම්මාන ප‍්‍රධානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවේදී පැවැත්විණි.
ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්න්වේදන, ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වුවන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් අදාල වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස වසරක් පාසා පිදුම් ලබයි.
ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළේය.
මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලැබුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප‍්‍රධාන කමිටුවක් මගිනි.
වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසුරිය මහතා විසින් පිළිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගනු ලැබීය.
සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසුරිය යන නිලධාරීහු එක්වූ අතර ගුවන් හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප‍්‍රධාන බලලත් නිළධාරී ජයසුන්දර සහ බලලත් නිළධාරිනි රත්නප‍්‍රිය ද එක්වුහ.
.