අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ9 සාමාර්ථ ගත් සිසුන්ට අමතරව ඒ අට හා ඒ හත සාමාර්ථ ගත් දක්ෂයන්ට පුරප්පාඩු අනුව ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළුවීමේ අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය අද එකඟ වූ බල ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න, සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සහකාර ලේකම් එස් යූ විමලරත්න මහත්වරුන් සමග අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ප්‍රාධාන ජාතික පාසල්හි පුරප්පාඩු ඇති පරිදි දක්ෂයන් බඳවා ගැනීමට අවසර ලබා දීමට කටයුතු කරන බව එහිදී අධ්‍යාපන ලේකම් පැවසූ බවත්, එය ලිඛිතව නොලැබුණු බවත්, ලිඛිතව ලැබෙන තෙක් සටන අත නාරින බවත් ස්ටාලින් මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ සහ ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි වූ සිසුන්ගේ දෙමාපිය සංගමයේ සාමාජිකයන් තිදෙනෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ.