ශ්‍රී ලංකා ගුවන් හමුදාව වසරක් පාසා පවත්වනු ලබන වසරේ හොඳම සේවා පුද්ගලයා සහ කණ්ඩායම තේරීමේ තරගාවලියෙන් 2014 වසරේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස විදුලි කාර්මික ශිල්පී බලපන්ති සැරයන් එන්.ආර් ජයතිලක සම්මාන හිමි කරගත් අතර වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම් කණ්ඩායම ලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරේ විද්‍යුත් සහ විදූලි සංදේශ ඉංජිනේරු අංශයයේ ගුවන් භටයෝ සම්මාන හිමිකරගත්හ.
සම්මාන ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාෙවිදී පැවැත්වුණි.
ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිෙවිදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවා යන ක්ෂේත්‍රයන්හි නියුතු වුවන් 2014 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කළ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කර ඇත.
අදාල වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා, වසරේ විශිෂ්ටතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබන අතර ගුවන් හමුදාවේ වැඩ කටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම වසරේ විශිෂ්ටතම නව සොයා ගැනීම් කණ්ඩායම ලෙස නම් කරනු ලබයි.
සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා පැවසුවේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන බවත් හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ට ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යකෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි විිංග් කමාණ්ඩර් ගිහාන් සෙනෙටිිරත්න යන නිලධාරීහු සහභාගී වුහ.






