විශාදයෙන් පීඩා විඳි නිරූපිකාව වන මිරන්ඩා කෙර්


Miranda Kerr smiles as she steps out in a floral dress in NYC

කිසියම් නිරූපිකාවක් තමන්ට ඇති භයානක ලෙඩක් පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට ඉදිරිපත් නොවේ. නමුත් ජනප්‍රිය සරාගී නිළියක් වන මිරන්ඩා කෙර් තමන් විශාදයෙන් පෙළෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියාය. පසුගියදා මාධ්‍යයන් වෙත ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ 2013 දී තම සැමියා වූ ඕලැන්ඩෝ බ්ලූම්ගෙන් වෙන්වූ පසුව තමන්ට විශාදය වැලඳුණු බවයි.

දැනට 33 වැනි වියෙහි පසුවන මිරන්ඩා මේ වන විට ඉවාන් ස්පීගල් සමග විවාහ ගිවිසගෙන සිටියි. ලබන වසරේදී ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවනු ඇතැයිද සඳහන් වෙයි. මිරැන්ඩා - ඉවාන් යුග දිවියෙන් ලැබුණු එකම පුතු, ෆ්ලින් ක්‍රිස්ටෝපර් බ්ලූම්ගේ වයස මේ වන විට අවුරුදු 5කි. මිරන්ඩා කාලය ගත කළේ සැහැල්ලුවෙන් වන අතර, ඉවාන්ගෙන් වෙන්වූ පසුව ඇතිවූ විශාදය, තමන්ට තේරුම් ගැනීමට අපහසු වූ බවයි ඇය සඳහන් කර ඇත්තේ. කෙසේනමුත් මිරින්ඩා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ජේම්ස් පැකර්ගේ හිටපු පෙම්වතිය ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

 

CELEBSPIX.RU
2016-11-24-ent-99
2016-11-24-ent-98