කොළඹ විශාඛා විද්‍යාලයීය සියවස් සැමරුම නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී අද (23) සිදුකැරිණි.
රුපියල් 2000ක වටිනාකමකින් යුත් මෙම සමරු කාසිය එක් පසෙක එම විද්‍යාලයේ නිර්මාතෘ ජෙරමියෙස් දියෙස් මහත්මියගේ රුව දැක්වෙන අතර අනෙක් පස විද්‍යාලයීය ලාංඡනය දැක්වේ.








