තම විශ්‍රාම වැටුප් විශමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමිකයෝ අද ගාල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. තම වැටුප් විෂමතා ඉවත්කරන බවට මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු මෙතෙක් ඉටුකැර නොමැති බවත් ඉදිරි මැතිවරණයට පෙර ඒ පොරොන්දු ඉටු නොකරන්නේනම් ලක්ෂ 25ක් වූ විශ්‍රාමිකයන්ගේ ඡන්දය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔවුහු කියති.




