විශ්‍රාමික මේජර්වරයකු උතුරේ සේවයේ යෙදී සිටි සමයේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරමින් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකු මරාදැමූ බවට වරදකරු වූයෙන් රුපියල් විසි ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස උසාවියෙන් කළ නියමයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මූලික වී මහජනයාගෙන් එකතු කළ එම මුදල අද මේජර් විමල් වික්‍රමගේට බාරදීම පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ දී සිදුවිය.
පේදුරුතුඩුව හමුදා කඳවුරෙන් 1998 ජූලි 20 වැනිදා පැනයාමට තැත් කළ රොබට් වෙලිංටන් නම් කොටි සාමාජිකයකුගේ මරණය සිදු කළැයි විශ්‍රාමික මේජර් විමල් වික්‍රමගේට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය දෙවසරක සිරදඬුවමක් වසර 10කට අත්හිටුවා මියගිය වෙලිංටන්ගේ පවුලේ සමීපතම නෑයනට රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස පසුගියදා නියම කැරිණි.