විශ්‍රාමික ගුරුවරිය රිමාන්ඩ්


කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශාඛා විද්‍යාලයයට සිසුන් දෙදෙනකු ඇතුළත් කරන බව කියමින් රුපියල් අට ලක්ෂයක් වංචා කළ බව කියන විශ්‍රාමික ගුරුවරියක වන රේණුකා වෙත්තමුනි ලබන 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමේ මහතා අද නියෝග කළේය.

තමනට සිසුන් දැමීමේ හැකියාව ඇතැයි කියමින් කලාප කාර්යාලයට පවා ඇය කඳවාගෙන ගිය බව පැමිණිලිකරුවන් කියා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.