විශ්‍රාමික ඒ එස් පී යළි රිමාන්ඩ්


ඇමෙරිකාවේ හා කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 26ක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

කොටුව පොලීසියේ නඩු අටක් ද, කොම්පඤ්ඤ වීදිය පොලීසියේ හතක් ද ඇති මොහු අත්අඩංගුවට ගැනුණේ අහම්බෙනි.

මහා බැංකුවේ රත්තරන් කිලෝ තුන්සියයක් අඩු මිලට දෙන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඔහු ඇප ලබා මද වේලාවකට පසු කොටුව හා කොම්පඤ්ඤවීදිය පොලීසි ඔහු අල්ලා ගත්තේ පොලිසිය මග හැර සිටි සැකකරුවකු වශයෙනි.