පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කරන ලද සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය අද (15) විරෝධතාවයක් පැවැත්වීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් පාර දක්වා පාගමනින් ගිය අතර පොලිස් මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබූහ.



