වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සන්ධානයේ පිරිසකට පහරදුන්නැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන බව පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමේ අරමුණ මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් රටට අහිමිවන බවද ඔහු පැවසීය.
මේ අතර විපක්ෂ මන්ත්‍රී 114 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදී ඇත.
රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇත. විවාදය සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන ලෙසද අගමැති කථානායකවරයාට කියා ඇත.

