විශ්වා වර්ණපාල සමුගනී


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

මිය යන විට වර්ණපාල මහතා 79 වැනි වියේ පසුවිය. 1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.

වසර 45කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ වර්ණපාල මහතා නිදහස් පක්ෂයේ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යමින් ‘ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි පොලිටිකල් ප්‍රොෆයිල්‘ නම් කෘතියද රචනා කළේය.