විශ්වවිද්‍යාල ශිෂ්‍ය කප්පාදුවක්?


මේ වසරේ විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවක් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පැවසීය.

ඒ අනූව දැනට පාඨමාලා කිහිපයක් සඳහා බඳවාගෙන ඇති පේරාදෙණිය, වයඹ, රජරට, සබරගමුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය පුරප්පාඩු 1412 ක් පවතින බව ඔහු කීවේය.

පීඨ දෙකක් සඳහා බඳවා ගැනීම් සිදු කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු 157 ක්, වයඹ විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍ය පුරප්පාඩු 275ක්, රජරට විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 265 ක්, සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ175 ක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පුරප්පාඩු  195 ක් ආදී  වශයෙන් එම පුරප්පාඩු 1412 පවතින බව ඔහු කීවේය.