විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙදර


(අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර ඇතුලත සිදුකිරීමට හැකි බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.‍2ෙ021-2022 වර්ෂයන්ට අදාලව උසස් පෙළ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාල 17කට බඳවාගෙන තිබෙන නමුත් එම වර්ෂයන්ට අදාලව නියමිත පරිදි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදුකර නොමැති බවට විවිධ වාර්තා පළ වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  ඒ වාර්තා සියල්ල අසත්‍ය බව තහවුරු කිරීමට අදාළ ලිපි ලේඛන තිබෙන්නේ යැයිද පැවසීය.