විශ්වරූපම් පෙන්නන්න අවසර දෙයි


දර්ශන දෙකක් සංස්කරණය කිරීමෙන් පසුව කමල් හසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව මහජන රැඟුම් පාලක මණ්ඩලය කියයි.

තමිල්නාඩුවේ මෙම චිත්‍රපටය පෙන්වීමට අවසර දුන්නත්, මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සිය බලය පාවිච්චි කරමින් එය තහනම් කළේය.

මුස්ලිම්වරුන්ගේ සිත් රිදෙතියි ඉන්දියාව මුලින්ම මේ චිත්‍රපටය තහනම් කළ නමුත්, තමිල්නාඩුව හැර සෙසු ප්‍රාන්තවල ඊට අවසර දී ඇත.