විශ්වරූපම් චිත්‍රපටය ලංකාවෙත් තහනම්


කමල් හසන් රඟපාන විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත නොකිරීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි. ජාති බේද ගැටුම් ඇවිලීයාමට එම චිත්‍රපටය හේතුවෙතියි රජය කියයි.

ඉන්දියා චරපුරුෂ කතාවක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයකි.

 පූජා කුමාර්, රාහුල් දෝස්, අන්ද්‍රියා ජරමියා, ජයි දීප්, අහ්ලා වල්ට් එහි චරිත රඟපාති.

මෙම චිත්‍රපටය  පෙන්වීමට එරෙහිව තමිල්නාඩු රජය තහනම් ආඥාවක් ලබා ගත්තේය.

ජනවාරි 25 වැනිදා තිරගත වීමට නියවී තිබිණු චිත්‍රපටය තහනම් කැරුණේ තමිල්නාඩුවේ විවිධ සුස්ලිම් කණ්ඩායම් ඊට විරුද්ධ වූ හෙයිනි.

කමල් හසන් ඊට එරෙහිව මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.