විශ්ව විද්‍යාල සිසුහු පහක් සප්ත කන්‍යවේ අතරමං වෙති


සප්ත කන්‍යා කඳුවැටිය  බැලීමට ගිය කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු වැසි නිසා පහළට පැමිණීමට නොහැකිව අතරමං වී ඇතැයි පොලිසිය කියයි. ඒ අතර විදේස් සිසුන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

අතරමංවූ සිසුන් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිසුන් පෙර දින සවස් වරුවේ සප්ත්‍ය කන්‍යා කඳුවැටිය තරනය කිරීමට ගොස් ඇති අතර ඇති වු තද වර්ෂාව හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී ඇත. අතරමං වූ සිසුන් අතර ඇති එක් සිසුවකුගේ ඡංගම දුරකතනයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ ඔවුන් සොයා යුද හමුදාව  කන්ද තරනය කරයි.