විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව යාපනයට


මැයි මස 3, 4 සහ 5 යන දින වල කොළඹ ටොරින්ටන් කී‍්‍රඩාංගනයේදී සහ කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ශූරතාව යාපනය විශ්ව විද්‍යාලයට විසින් දිනාගන්නා ලදි.

අවසන් තරගයේදී ගෝල 4 -1 ක් ලෙස මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරමින් යාපනය විශ්ව විද්‍යාල කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් තරගයේදී යාපනය විශ්ව විද්‍යාලය වෙනුවෙන් අයි. ජීවකුමාර් 7 වැනි මිනිත්තුවේදීත්, එස්. ජපකර් 25 වැනි මිනිත්තුවේදීත්, බී. පී. ඬේසිලන් 45 වැනි මිනිත්තුවේදීත් එස්. යංරූපන් 61 වැනි මිනිත්තුවේදීත් ගෝල ලබාගත්හ. මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 53 වැනි මිනිත්තුවේදී ඩබ්. වී. ප‍්‍රනාන්දු විසින් ලබාගන්නා ලදි.

කොළඹ විශ්ව විද්‍යාලය 3 - 0 ක් ලෙස පරාජය කරමින් යාපනය විශ්ව විද්‍යාල අවසන් මහ තරගයට පැමිණි අතර මොරටුව විශ්ව විද්‍යාල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දඩුවම් පහර 7 - 6 ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලය පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී ගෝල 2 - 0 ක් ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලය පරාජය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත්විය.

(*)