කොළඹදී අද (6 වැනිදා) නිමාව දුටු අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල ලකුණු 49 කින් පරාජය කළ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල පිල 2013 ලෝක විශ්ව විද්‍යාල කි‍්‍රකට් ශූරතාව දිනාගැනීමට සමත්විය.
අවසන් තරගයේ වීරයා බවට පත්වූ චන්දිගාර් පිලේ නායක කුනාල් මහජන් පන්දු 36 කින් වේගවත් ලකුණු 73 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විය.
තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ චන්දිගාර් පිලේ ගුරේන්දර් සිං තරගාවලියේ වීරයාට හිමි කුසලානය දිනා ගත්තේය. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස චන්දිගාර් පිලේ ජස්කරන් සිං සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස ඒකාබද්ධ පිලේ ජේම්ස් ලෝමාස් සම්මාන ලැබීය.
අවසන් පූර්ව වටයේ තරග වලදී මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ පිල පරජය කරමින් කරච්චි පිල අවසන් තරගයට පැමිණ අතර චන්දිගාර් පිල අවසන් තරගයට පැමිණයේ ශ්‍රී ලංකාවේ මොරටුව ශාර්ක්ස් පිල පරජය කරමිනි.
මෙම තරගාවලිය පසුගිය දින 5 ක කාලය තුළ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
චන්දිගාර් පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී 170
(කුනාල් මහජන් 73, ගුරේන්දර් සිං 39, පියුෂ් ශර්මා නොදැවී 24, සිම්රන් සිං 16, මීර් හම්සා 22/2, නබීල් කලීඞ් 28/2, මිර්සා ජමීල් 35/2)
කරච්චි පිල ඕවර 19 ක් තුළදී සියලූ දෙනා දැවී 121
(අමර් හසන් 58, ශසීබ් ඛාන් 13, ගුරේන්දර් සිං 20/4, රතන් සිං 16/3, සිම්රන් සිං 31/2)
(**)