විශ්ව විද්‍යාල අාචාර්ය සම්මේලනයත් දෙපිල බෙදෙයි


සයිටම් වෛද්‍ය විද්‍යාලය හා අධ්‍යාපනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ බෙදීමක් හටගෙන තිබේ. 

සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය සංවිධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා තමා අතර පවතින්නේ එකිනෙකට වෙනස් මත දෙකක් යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උපසභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා “ලංකාදීප“ යට පැවැසීය.

ඒ මහතා මෙම අදහස පළ කළේ අධ්‍යාපනයේ නිදහස සඳහා ජාතික ව්‍යාපාරය සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බවට කළ මත දැක්වීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි.