සමසමාජ පක්ෂයේ නායිකාවක වූ අභාවප්‍රාප්ත විවියන් ගුණවර්ධන මහත්මියගේ සිය වැනි ජන්ම දින සැමරුම අද (19) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.