විවියන් ද සිල්වා බොරලැස්ස සමුගනී


ජනප්‍රිය ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය අද උදේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 86 වැනි වියෙහි පසුවූවාය.  ඇය ගායිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසයේ අට වැනි වියෙහි පසු වෙද්දීය.

දුර පේන තැනි තලා,  නවතින්න තිස්ස, සම්බුදු මංගල්ලේ, බුදු මගුල ළඟම ඒවී, මා සංඝබෝධි ස්වාමිනේ, මගේ ලක් කුමරි, මේ පින්බිමේ, නංගි නංගි රූපිකා, නිදි යහනේ ඇයිද ශෝක සිතින්, රොන් සුවඳ මල් වසන්තයේ, සිංහ කොඩිය ඉහළ නඟී වැනි ගීත රැසක් ඇය විසින් ගායනා කරනු ලැබ තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ අද්විතීය මෙහෙර වෙනුවෙන් අවස්ථා කිහිපයක දී ඇය ඇගයීමට ලක්වූවාය.
ඇගේ දේහය තලාහේන සමනල මාවතේ අංක 162/15 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු කියති.