ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බව කියමින් හක්මන විවාහ රෙජිස්ටාර්වරියකගෙන් රුපියල් 50,000ක කප්පමක් ඉල්ලූ බව කියන පුද්ගලයෙක් දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත් පී ජී ලලිත් ප්‍රසන්න ගාල්ලගේ මහතා විසින් ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ගාල්ලේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට පුවත් සපයා ඇතැයි ද, දිළිඳු පවුලකට ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් ලැබුණු පරිත්‍යාගයකින් කොටසක් ඉල්ලීමේ සිද්ධියක් මත ඔහු ඉවත් කර ඇතැයි ද පොලිසිය කියයි.

