විවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් ජනපතිට අභියෝගයක්


‘යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනාධිපතිට කියා දෙන්න මම කැමතියි. ලබන ජනවාරි පළමු වැනි දා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එතුමාට අභියෝග කරනවා. එන්න මා සමඟ විවාදෙට. මම කොළ කෑල්ලක්වත් අතේ නැතිව ඊට එන්නම්. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද බලපිටියේ දී කීවේය.