විලියම් වීරසිංහ කුසලාන ධර්මරාජයට


ධර්මරාජ විදුහලත් කිංග්ස්වුඞ් විදුහලත් අතර සාම්ප‍්‍රදායිකව පවත්වනු ලබන විලියම් වීරසිංහ කුසලාන සඳහාවූ රග්බි තරගයේදී ලකුණු 33-24 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ කී‍්‍රඩකයෝ සමත් වූහ. අන්තර්පාඨශාලීය වයස අවු 20න් පහළ ‘ඒ’ කොටසේ රග්බි තරගයක්ද වූ මෙම තරගය සෙනසුරාදා (27 වැනිදා) මහනුවර බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවැත්විණ.

ප‍්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 21-12ක් වශයෙන් ධර්මරාජ පිල ඉදිරියෙන් වූ අතර ජයග‍්‍රාහී ධර්මරාජ කී‍්‍රඩකයෝ ගෝල දිනුම් තුනක් හා දඩුවම් පහර හතරක් මගින්ද කිංග්ස්වුඞ් පිල ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස්කළහ.

තරග විනිසුරු ඞී. පීරිස් මහතාගේ ප‍්‍රථම නළා හඩින් තරගය ආරම්භවීමත් සමග සුපුරුදු කී‍්‍රඩා රටාවට අවතීර්ණවූ ධර්මරාජ කී‍්‍රඩකයෝ පිට පිටම ගෝල දිනුම් දෙකක් වාර්තාකිරීමට සමත් වුවද ඒ සියලූ පීඩනයන් විඳදරා ගනිමින් නැවත තරගයට අවතීර්ණවූ කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ ප‍්‍රතිවාදීන්ට ප‍්‍රබල තර්ජනයක් එල්ලකිරීමට සමත් වූහ.

ඒ වනවිට ධර්මරාජ කී‍්‍රඩකයන් මින් පෙර තරගවලදී පවත්වා ගෙනගිය පැහැදිලි හා වේගවත් කී‍්‍රඩා රටාවෙන් මිදී තිබූ අතර කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ වැඩිවේලාවක් පිටියේ අණසක පැතිරවීමට සමත් වූහ.

ජයග‍්‍රාහී ධර්මරාජ පිල වෙනුවෙන් රෝචන හෙට්ටිආරච්චි උත්සාහක දිනුම් දෙකක් හා ජේ. එස්. විජේසිංහ උත්සාහක දිනුමක්ද, තිළිණ විජේසිංහ දඩුවම් පහර හතරක් හා ගෝල දිනුම් දෙකක්ද  ලබාගත්හ.

කිංග්ස්වුඞ් පිල වෙනුවෙන් නිමේෂ් පේ‍්‍රමතිලක උත්සාහක දිනුම් දෙකක්ද තරිඳු චතුරංග හා තුවාන් ජලීල් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ.