සිව් වැනි විලියම් රජු නමින් මේ මස 30 වැනි දා කිරුළු පළදින ඕලන්දයේ විලියම් ඇලෙක්සැන්ඩර් පසුගියදා ඕලන්දයේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් තමන් රටේ රජු උනත් අතිගරු උත්තමයාණෙනි යනුවෙන් ආමන්ත්‍රණය නොකරණ ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තමා මනුෂයෙක් පමණක් බවත් රාජකීය සම්ප්‍රධායන්ට තමන් කිසි විටකත් ගැති නොවන බවත් රජ කුමරා කීය.
ඕලන්දයේ රාජකීයත්වය යටතේ 21 වන සියවසේදී රජකු ලෙස හැසිරෙන බව ඔහු එහී දී කීය.
ඔහුගේ බිරිඳ මක්සීමා කීවේ ඕ රැජිනක් නොවන ලෙසය. හෙටටත් ඇය මක්සීමා යැයි ඇය කීවාය.
ඕලන්දයට රජෙක් සිංහාරූඩ වන්නේ වසර 115 කට පසුවය.
ඔහුගේ කිරුළු පැළදවීමේ උත්සවය මේ මස 30 වැනි දින රාජකීය සිරිත් විරිත් අනුව ඇම්ස්ටර්ඩෑඩ් අගනුවර රජමාලිගයේදී පැවැත්වෙන් අතර එතෙක් මෙතෙක් රජකම් කළ විලියම් කුමරුගේ මව් රැජින විශ්‍රාම යනු ඇත.